ප්‍රදේශ තුනකින් කුඩු සමඟ 3ක් දැලේ

Share

කැළණිය, පෑලියගොඩ හා පානදුර යන ප‍්‍රදේශ වලදී හෙරොයින් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැළිණිය ප‍්‍රදේශයේ දී 27 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළධාරීන් විසිනි.

සැකකරු සතුව තිබී හෙරොයින් ග‍්‍රෑම් 500 යි මිලි ග‍්‍රෑම් 504 ක් සොයා ගෙන තිබේ.

හෙරොයින් ග‍්‍රෑම් 62 යි මිලි ග‍්‍රෑම් 807 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ පෑලියගොඩ ප‍්‍රදේශයේ දීයි.

බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබුණි.

පානදුර ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ 50 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සතුව හෙරොයින් ග‍්‍රෑම් 05 යි මිලි ග‍්‍රෑම් 300 ක් තිබී සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

Read more

Local News