ජංගම දුරකථන අස්ථානගත වීම හෝ සොරකම් කිරීම පිළිබඳ පොලිස් ස්ථානවලට දිනකට පැමිණිලි 800-1000ත් අතර ප්‍රමාණයක් ලැබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ලංකාව තුළ මිලියන විසිහතරකට අධික ජංගම දුරකථන ප්‍රමාණයක් තිබෙන බවයි.
අස්ථානගත වු හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. ඒ අනුව www.ineed.police.lk නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.
වෙබ් අඩවිය හරහා නැතිවූ හෝ හොරකම් කරන දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ.