බෞද්ධ පුනරුද අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාග භාරදීම ජනාධිපති කාර්යාලයේ දී

Share

ශී‍්‍ර ලංකාවේ දුර බැහැර ප‍්‍රදේශවල අඩුපහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිබෙන බෞද්ධ පුනරුද අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාග භාරදීම (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ගෞරවනීය ස්වාමීන් වහන්සේ, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ආයතන කිහිපයක් විසින් සිදුකරන ලද මූල්‍ය පරිත්‍යාග මෙහිදී නිල වශයෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ, උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ දුර බැහැර ප‍්‍රදේශවල පිහිටි අඩුපහසුකම් සහිත බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධනය වෙනුවෙන් ඉතා විධිමත් අයුරින් මෙම අරමුදල් යෙදවීම සිදුවන බවයි.

 

Read more

Local News