එගොඩඋයන පොලිස් වසමේ මෝදර ප්‍රදේශයේ ලී මඩුවක හදිසි ගින්නක් හටගෙන තිබේ.
එගොඩඋයන පොලීසියට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ මොරටුව නගර සභා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව මේ වන විට ගින්න මැඩපවත්වා ඇත.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර ගින්නෙන් සිදුවු අලාභය ද මෙතෙක් තක්සේරු කර නොමැත.
එගොඩඋය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.



