කුඩු ගෙනිච්ච දුලිප්ගේ ගෙය පරීක්ෂා කරයි

Share

පසුගිය දෙසැම්බර් මස 05 වන දා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට අදාළව එම හෙරොයින් ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගැණුනි.

එ් අනුව හෙරොයින් ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරුගේ නිවස ඊයේ(12) දින සවස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.

දිනයාදුර දුලිප් සමන්ත ද සිල්වා නැමති වයස අවුරුදු 44 ක් වු ගොඩැල්ල, මොරගල්ල, බේරුවල ප්‍රදේශයේ පදිංචි මොහු මේ වන විට රැඳවුම්භාරයේ සිටියි.

නිවස පරීක්ෂාවට ලක් කිරීමේ දී නිවසේ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකරන ලක්ෂ 59 ක මුදලක් හා සැටලයිට් දුරකථන 2ක් සොයා ගෙන තිබේ.

Read more

Local News