හෙට සිට මාර්ගයක් තාවකාලිකව වැසේ

Share

කොටහේන පොලිස් වසමේ කේ.සිරිල් පෙරේරා මාවතේ ජලනල එලීමේ ව්‍යාපෘතියක් සඳහා වාසල හංදියේ සිට වෝල්ස් ලේන් පාර හංදිය දක්වා වූ මාර්ගය හෙට වසා දැමීමට තීරණය කර අැත.

හෙට(14) දින රාත්‍රී 10.00 සිට ලබන 17 වන දින අළුයම දක්වා ජලනල එලීමට අවසර ලබා දෙන ලෙස කොන්ත්‍රාත් සමාගමේ ව්‍යාපෘති කළමණාකරු විසින් ඉල්ලීමක් සිදු කර තිබේ.

එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් සඳහා එම කාල සීමාව තුළ පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News