රත්නපුර- බළන්ගොඩ ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ රාත්‍රී විවෘතව ඇති ආපන ශාලාවල් ඊයේ (13) රාත්‍රියේ හදිසි පරීක්ෂාවකට ලක් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය මෙහෙයවීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන “ජාතික ආහාර සුරක්ෂිත සතිය” මේ මස 10 වන දා සිට 16 දක්වා ක්‍රියාත්මක අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන එක් වැඩ සටහනක් ලෙස මේ පරීක්ෂාව සිදු කර ඇත.
මෙම සෝදිසි කිරීමේ දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර විනාශ කළ අතර අඩුපාඩු සහිත ආපනශාලාවලට රතු නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම ආහාර පනත උල්ලංඝනය කරමින් විකිණීමට තිබූ ආහාර තහනමට ලක් කිරීමත් ආහාර සුරක්ෂිතව තබා ගැනීම පිළිබඳ ආපන ශාලා හිමිකරුවන් හා සේවකයන් දැනුම්වත් කිරීමත් සිදු කර ඇත.
රත්නපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස දහඅට තුළම මෙවැනි විවිධ වැඩසටහන් මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.