මාර්ග නීති උල්ලංඝණය කිරීමේ වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25000ක් දක්වා වැඩිකිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය

මාරක රිය අනතුරුවලට විශාල වශයෙන් හේතුවන මාර්ග නීති උල්ලංඝණය කිරීමේ වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25000ක් දක්වා වැඩිකිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් කොට ඇත.

මේ අනුව වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්තකරවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පැදවීම, දුම්රිය මාර්ගයක් හරහා අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම, වලංගු රක්ෂණාවරණයක් නෙනාමැති ව රිය ධාවනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් පනවනු ලබන දඩ මුදල රුපියල් 25000ක දක්වා වැඩි කෙරෙන බව කැබිනට් තීරණ දැනුම්දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

මේ හැර අධික වේගයෙන් රිය පැදවීම, වමෙන් ඉස්සර කිරීම, නොසැලකිලිමත් අයුරින් රිය ධාවනය කිරීම, බාලවයස්කරුවන් විසින් රිය පැදවීම සඳහා අවම දඩ මුදල් රුපියල් 2500ක් දක්වා ඉහළ දමා ඇති බවද අමාත්‍යවරයා කීය.

Previous articleවිදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලා අස්වේ
Next articleඅමාත්‍ය මණ්ඩල තීරණ 2017.08.09