කාර්මික දෝෂයක් – ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Share

මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක් අලව්ව සහ පොල්ගහවෙල යන දුම්රිය ස්ථාන අතරදී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය වෙනත් දුම්රියක ආධාරයෙන් මේ වන විට අලව්ව දුම්රිය ස්ථානය දක්වා රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මරදාන සිට පොල්ගහවෙල දක්වා දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඔවුන් සඳහන් කළේය.

Read more

Local News