අාණ්ඩුවේ රිමෝට් එක ගැන චම්පික කියු කථාව

Share

මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක සිය පවුලේ ගෙදර කුස්සියේ ඇති බව අද වන විට රටම දැනගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද(18) දින පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එ් මහතා සඳහන් කළේ,

“මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ රටේ පාලනය එසේත් නැතිනම් රිමෝට් කන්ට්‍රෝල් එක දෙමළ ජාතික සන්ධානය වෙත ගමන් කර ඇති බවයි. එය අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් කටයුතු කරන නව ආණ්ඩුව සමඟ ඉදිරි දින වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තවත් විශාල පිරිසක් එක්වීමට නියමිතයි. ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරි දින වලදී මනාව දැක බලා ගත හැකිය.

එසේම පත්වූ නව ආණ්ඩුවට රිමෝට් කන්ට්‍රෝල් එකක් කිසි විටෙකත් නොමැති බවත් පවුල් වාදයට එරෙහි ජාතික බලවේග සියල්ලෙහිම එන්ජිම බවට මේ ආණ්ඩුව පත්වී ඇති බව මතක් කරනු කැමැත්තෙමි.

එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයේ රිමෝට් කන්ට්‍රෝල් එක සිය පවුලේ ගෙදර කුස්සියේ ඇති බව අද වන විට රටම දැනගෙන අවසන් බවත්, නව රජයේ එම බලය ඇත්තේ රටේ මහජනතාව අතර බවත් මතක් කරනු කැමැත්තෙමි”

Read more

Local News