සීදුවේ වෙඩි තැබීමකින් අයෙක්ට තුවාල

Share

සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවක අද(19) අළුයම සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

සාමාජ ශාලාවට පැමිණි සිටි පිරිසක් සහ සාමාජ ශාලාවේ සේවකයෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් වෙඩි තැබිම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදී සමාජ ශාලාවට පැමිණි සීදුව, රද්දොළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 34හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබිම සමාජ ශාලා හිමිකරු විසින් සිදු කර ඇති බවට පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News