හෙට(20) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් දැකිය හැකි බවත් එය 21 හා 22 දිනවලදී පැවතිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මුලතිව්, කිලිනොච්චි, වව්නියාව සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවේ.
සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.



