රඹූක්කන පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් පස් දෙනෙකු පලා ගොස් තිබේ.
හෙරොයින් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් පස් දෙනෙකු ඊයේ (18) රාත්‍රීයේ මෙලෙස පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය, ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම සිරමැදිරියේ සිටි තවත් සැකකරුවෙකු ඇප මත නිදහස් කිරීමට පොලිස් නිළධාරියෙකු විසින් සිර මැදිරිය විවෘත කළ අවස්ථාවේ ඔවුන් පොලිස් නිළධාරියාට පහරදී පලා ගොස් ඇත.
පලා ගිය සැකකරුවන් වයස අවුරුදු 23ත් 25ත් අතර වන රඹුක්කන ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසීය පවසයි.
මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා රඹුක්කන පොලීසිය විමර්ශන සිදු කරයි.



