දූෂණ ක්‍රියා මැඬලීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක්

Share

මෙරට දූෂණ ක්‍රියා මැඬලීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා අධිකරණ ඇමැතිතී තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

අල්ලස් හා දූෂණ විරෝධී ආයතන සවිබල ගැන්වීම, රට තුළ ජාතික ඒකාබද්ධතාව නංවාලීම සඳහා වන රජයේ සමස්ත වැඩසටහන ඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීම, වංචාව, අල්ලස සහ දූෂණය මැඬලීම සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සහයෝගිතාව වැඩිදියුණු කිරීම සහ අල්ලස හා දූෂණය හේතුවෙන් සමාජය කෙරෙහි ඇති වන අසුබවාදී බලපෑම පිළිබඳ මහජන අවබෝධය වැඩිදියුණු කිරීම මෙමඟින් අපේක්ෂිත ය. මෙම ක්‍රියාකාරී සැලැස්ම අදාළ නියෝජිත ආයතනවල උපදෙස් ලබා ගනිමින් සම්පාදනය කරයි.

Read more

Local News