විදාතා හරිත කඩමණ්ඩිය – 2017

Share

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ රාජ්‍ය අමාත්‍යංශය සංවිධාන කරන විදාතා හරිත කඩමණ්ඩිය – 2017 අද(26) පෙ.ව. 9.00 ට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රයේදී ආරම්භ වේ.

ගමට තාක්ෂණය ගෙන යන “විදාතා” වැඩසටහනේ මූලික අරමුණ දිවයිනේ ග්‍රාමීය ප්‍රදේශ වෙත විද්‍යාව හා තාක්ෂණික දැනුම ලබාදීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමයි.

මෙම විදාතා සම්පත් මධ්‍යස්ථාන හරහා ග්‍රාමීය ප්‍රදේශ වල බහුලව පවතින ස්වාභාවික සම්පත් වලට වැඩි වටිනාකමක් ලබා දෙමින් නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම හා මඟපෙන්වීම ග්‍රාමීය ජනතාව වෙත ලබාදීම සිදුවේ.

Read more

Local News