සින්නයියා මහතා අද්මිරාල් ධුරයට උසස් කරයි

හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා වහාම ක්‍රීයාත්මක වන පරිදි අද (26) සිට අද්මිරාල් ධුරයට උසස් කිරීමට තීරණය කර තිබේ. ඔහු අද නාවික හමුදාවෙන් විශ්‍රාම යාමට නියමිතයි.

ජනපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිවිධ හමුදා සේනාධිනායකයා ලෙස මෙම උසස් වීම ලබා දී අැත.

ඒ මහතා වසර 35ක තම සේවා කාලය තුළ නාවික හමුදාව හා රට වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කර තිබේ.

Previous articleලොරි රථයක වන අලියෙකු ගැටේ – 5කට තුවාල
Next articleජනපති කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක්