ජනපති කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක්

කටාර්හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (25) පස්වරුවේ දෝහා නගරයේ දී පැවැත්විණි.
විවිධ ක්ෂේත්‍රවල කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුහු ඉතා උණුසුම් ලෙස ජනාධිපතිතුමා පිළිගනු ලැබූහ.
කුඩා දරුවන්ගේ ප්‍රසාංගික ඉදිරිපත් කිරිම් රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.