අාඝාතයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ පිරිමින් – වෛද්‍ය පද්මා ගුණරත්න

Share

ඔක්තෝබර් 29 දිනට යෙදෙන ලෝක ආඝාත දිනය පිළිබඳව කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී අද (26) මාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට එක්වු කොළඹ ජාතික රෝහලේ ප්‍රධන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ,

ආඝාතය රෝගය විසින් සිදුවන්නේ අධි රුධිර පීඩනය නිසා රුධිර නාල අවහිර වී හෝ රුධිර නාල පුපුරා යැමෙන් සිදුවන මොළයට වන බලපෑමක්. මෙය ඉතාමත් භයානක රෝගයක්. රෝහල්වලට ඇතුළත්වන රෝගීන්ගේ මරණවලට හේතුවන තෙවැනි කරුණ වන්නේ ආඝාතයයි.

මෙම රෝගී තත්ත්වය පිළිබඳව සමීක්ෂණයක් සිදු කළා. මාස හයක කරුණු එක්රුස් කළා. මාස හයක් තුළ රෝගීන් 2753ක් වාර්තා වී තිබෙනවා. දිනකට ජාතික රෝහලට රෝගීන් හතරක් පහක් ඇතුළ වෙනවා.

රෝගයට ගොදුරුවන ප්‍රධාන වයස් කාණ්ඩය අවුරුදු 60 අඩු අයයි. එය සියයට 33%ක්. තරුණ පිරිස වයස 45 ට අඩු සියයට 7%ක්. මෙය සෑලකිලිමත් විය යුතු සංඛාවක්. වැඩි වශයෙන් ආඝාතයට ගොදුරු වන්නේ පිරිමින්. කාන්තාවන් ගොදුරුවීම සියයට42.6%.පිරිමි පක්ෂය සියයට 57%ක්. ප්‍රධාන සාධකය වන්නේ අධි රුධිර පීඩනයයි. දුම් බීම, මද්‍යසාර පානය, ව්‍යායාම මදිකම, දියවැඩියාව, කොළොස්ට්‍රරෝල් යන කාරණා බලපානවා. වැරදි හා සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාව තව ප්‍රධාන හේතුවක්.

මුඛය ඇදවීම,කතා කිරීමේ අපහසුතාවය, අත් අප්‍රාණික වීම, ආදී තම ශරීරයේ අත්පාවල අසාමාන්‍ය තත්ත්වයක් ඇතිවුවහොත් වහාම ළඟ ප්‍රධාන රෝහලක් වෙත හැකි ඉක්මනින් යොමු වෙන්න. නිසි කලට ප්‍රතිකාර සිදු වුනොත් රෝගය සුවකරගත හැකියි. ආබාධ අඩු කරගත හැකියි.

ආඝාත රෝගීන් වෙනුවෙන් රෝහල්වල පහසුකම් තවදුරටත් වර්ධනය කළ යුතුයි. ඉදිරියේ දී මුල්ලේරියාවේ දී ජාතික ආඝාත මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙනවා යැයි ද වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

Read more

Local News