දක්ෂිණ අධිවේගයේ අනතුරකින් මව මරුට – පියාට සහ දරුවන්ට තුවාල

අද(26) අළුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදුව තිබේ.

මාතර දෙසට ධාවනය වු වෑන් රථයක් රියදුරුට නින්ද යෑම හේතුවෙන් අසල තිබු කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් කාන්තාවක් මිය ගොස් ඇත.

වෑන් රථයේ එකම පවුලේ පියා, මව හා දරුවන් තිදෙනක් ගමන් කර තිබේ. දරුවන්ගෙන් දෙදෙනෙක් ගැහැණු දරුවන් වන අතර, එක් දරුවෙක් පිරිමි දරුවෙක් වන බවයි පොලීසිය පැවසුවේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තුවාලකරුවන් 4 දෙනා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් ගැහැණු දරුවෙකු හොරණ රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව එම 14 හැවිරිදි මෙම ගැහැණු දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ නිර්මලා කුමුදුනී හෙට්ටිආරච්චි නැමති වලගස්දූව, ගාල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි.

Exit mobile version