අශෝක් අබේසිංහ වැඩ අරඹයි

Share

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද (27) දින සිය අමාත්‍යංශයේ වැඩ බාරගනු ලැබිය.

ඒ මහතා වැඩ බාර ගැනිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ “නිමල් සිරිපාලද සිල්වා මැතිතුමාගේ කාලේ අපි අපේ අමාත්‍යංශයේ තිබිච්ච ආයතන 8ට විශාල සේවයක් කළා. ඒ තුලින් මේ රටට විශාල සේවයක් සිදු වුණා ඒ පිළිබඳ ජනතාව තාමත් දැනුවත් කරලා නැතිව ඇති. අපි 2015 ජනවාරි 8 වෙනිදා මේ රජය භාරගන්න වෙලාවේ ලංකා ගමනාගමන මණ්ඩලයේ කෝටි 2555ක පමණ ණය ප්‍රමාණයක් තිබුණා. ඩ්පෝ 150න් 79ක පඩ් ගෙවන්න බැරි තත්ත්වයක් තිබුණා ලංකා ගමනාගමන මණ්ඩලයේ.” යනුවෙනි.

වැඩ්දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ කඩ්නමි සංවර්ධන කටයුතු ආරමිභ කරනා බවයි. මේ අවස්ථාව සඳහා හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල , වත්මන් අමාත්‍ය අර්ජුන රණතුංග, අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, අමාත්‍ය දයා ගමගේ, මන්ත්‍රී හේෂා විතාරණ ඇතුළු මැති ඇමති පිරිසක්ද සහභාගී වී සිටියහ.

Read more

Local News