පළාත් පාලන ඡන්දයට අදාළ ගැසට් නිවේදනය නොවැම්බර් මස 01 වන දා නිකුත් කෙරේ – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

Share

අද (27) පැවති මාධ්‍ය හමුවකදී පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසුවේ පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නොවැම්බර් මස 01 වන දා නිකුත් කරන බවය.

ලබන ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයා ද උප දෙස් දුන් බවත්, නොවැම්බර් මස 01 වන දා ගැසට් නිවේදනය නිකුත් කළ පසු ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්විය හැකි බවත් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ ය.

මේ අතර, නොවැම්බර් මස 01 වන දා ගැසට් නිවේදනය නිකුත් කළහොත් ජනවාරි මාසයේදී ඡන්දය පැවැත්විය හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සදහන් කළේ ය.

Read more

Local News