වෙළඳසැලක් ගිනි ගනී

Share

අද (30) දින අළුයම තලවාකැලේ නගරයේ, ප්‍රධාන බස් නැවතුම්පළට පිටුපසින් පිහිටි සිල්ලර භාණ්ඩ වෙළඳ සැලක හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම වෙළඳසැල සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.

ගින්න පැතිරයාම තලවාකැලේ පොලීසිය සහ නගරවාසීන් සමඟ එක්ව වළක්වා නිවා දමා ඇති බව වාර්තා වෙයි.

මෙහිදී කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය පවසයි.

ගින්නට හේතුව මෙතෙක් අනවරණය වී නොමැති අතර තලවාකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News