පරණ අත්දැකීම් වලින් අලුත් අවුරුද්දේ ජනාධිපති කරන්න යන දේ

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) උදැසන මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදාගෙන තිබේ.

දළඳා වහන්සේ වැද පුදාගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැ දැක ආශිර්වාද ලබාගෙන ඇත.

අනතුරුව ජනාධිපතිවරයා, රෝගාතුර වී සිටින රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමිගේ සුවදුක් විමසීමට ද ගොස් තිබේ.

තමන් සිරිතක් ලෙස සෑම වසරකම දෙසැම්බර් මස 31වැනිදා දළඳා සමිදු වැඳපුදා ගනිමින් නව වසරට අශීර්වාද ලබා ගැනීමට පැමිනෙන බවත් පසුගිය වසරේදි ලැබු අත්දැකිම් සමඟ ඉදිරි වසරේදි කටයුතු කිරිමට සියලු දෙනා සිහි තබා ගත යුතු බවත් ජනාධීපතිවරයා එහිදි පැවසීය.

එළඹෙන වසරේදි දුගී බව තුරන් කිරිමට කටයුතු කළ යුතු බවත් රට ගොඩ නැගීම සඳහා රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලඥයින් හෘද සාක්ෂීයට එකඟව අවංකව තම රාජකාරි සිදු කළ යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Read more

Local News