ගිනිඅවි තුනක් සමඟ 3ක් දැලේ

Share

මොණරාගල පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන තුනක නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි තුනක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගිනිඅවි වැල්ලවාය මහආර, ඇතිමලේ බුදුරුවාව සහ මැදගම කින්නරබෝව ප්‍රදේශවල දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24, 44 සහ 51 යන වයස් වල පසුවන සැකකරුවන් පිරිසක් බව පොලිසිය පවසයි.

සැකකරුවන් සතුන් දඩයම් කිරිමේ අරමුණින් මෙම ගිනිඅවි ලඟ තබාගන්නට ඇති බවට පොලිසිය සැකපල කරන අතර සැකකරුවන් සියඹලාණ්ඩුව සහ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News