විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් උමාඔයට

Share

උමා ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පැවසුවේ උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීමවට ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් නොවැම්බර් මස 1 දා සිට ආරම්භ කෙරෙන බවයි.

බණ්ඩාරවෙල නගරයේ ඌව ගුවන් විදුලි මධ්‍යස්ථානයේ පළමු මහලේ මෙම විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් ද සිල්වා මහතා,

උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය පවතින ප්‍රදේශයට ඉදිරි මාස තුනේ දී වැසි බලාපොරොත්තු වෙනවා. මේ කාලයේ දී මෙම ප්‍රදේශයේ ජනතාවට තාක්ෂණික උපකාර ලබාදීම සඳහා ක්‍රමවේදයක් අවශ්‍යයි. ජනාධිපතිතුමා හදිසි කැබිනට් පත්‍රිකාවක් පසුගිය දා ඉදිරිපත් කර විශේෂ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයකට අවශ්‍ය අනුමැතිය ලබා ගත්තා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා පතල් කැනීම් කාර්යාංශය, මධ්‍ය ඉංජිනේරුමය කාර්යාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පීඨය එක්ව මෙම මධ්‍යස්ථානය කටයුතු කරනවා. මේ වන විට උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගයේ ජල කාන්දුවට පිළියම් යොදමින් ඉන්නවා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ස්විට්සර්ලන්ත හා නෝර්වේජියානු විශේෂඥවරුන්ගේ සහාය ලබා ගන්නවා. තත්ත්පරයට ලීටර් 1400ක් වූ ජල කාන්දුව මේ වන විට තත්ත්පරයට ලීටර් 400 දක්වා අඩුවීම ලොකු ජයග්‍රහණයක්.

 

Read more

Local News