ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – රියදුරුට තුවාල

Share

මහනුවර සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50 ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවී තිබේ.

මෙම අනතුරින් එම ලොරි රථයේ රියදුරා තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පවසයි.

ඊයේ (01) රාත්‍රි 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ග්ලැන්කන් ප්‍රදේශයේදීය.

කුකුල් මස් වෙළදසැල්වලට බෙදා හරින ලොරි රථයකුයි මෙලෙස අනතුරට පත් වී ඇත්තේ.

අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථයේ වේගය රියදුරාට පාලනය කර ගත නොහැකිව ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලීසිය කියා සිටියේය.

ලොරි රථය අනතුරට පත් වන අවස්තාවේ ලොරි රථයේ සහයකයාද ලොරි රථයේ ගමන් කර ඇති අතර අනතුරෙන් ඔහුට තුවාල සිදු වී නොමැති බව පොලීසිය පැවසීය.

අනතුරෙන් ලොරි රථයටද දැඩි අලාභ හානි සිදුව ඇත.

Read more

Local News