තංගල්ලේ නිවසක ගින්නක්

Share

තංගල්ල, දංකැටිය ප්‍රදේශයේ නිවෙසක අද(02) හදිසියේ ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්නෙන් එම නිවෙසට දැඩි හානි සිදුව අැති බවට වාර්තා වෙයි.

තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.

නිවෙසෙහි වහලය, ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ රාශියක් ගින්නට හසුවී විනාශ වී ඇති බව වාර්තා වෙයි.

අද පෙරවරු 10.30ට පමණ නිවැසියන් නිවෙසෙහි නොමැති අවස්ථාවක මෙම ගින්න හට ගෙන අැත.

නිවෙසෙහි ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Read more

Local News