ක්‍රිකට් නිලවරණය කල් යයි

Share

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කළ ට්විටර් නිවේදනයකින් පෙබරවාරි මස 7 දා පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය තවදුරටත් කල් යන බව සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ නිලවරණය පැවැත්වීමට ඇති හැකියාවන් පිළිබඳව තමන් සලකා බැලූ නමුත් අවාසනාවකට 2018/09/22 දා නිකුත් කළ අංක 2089/56 ගැසට් නිවේදනය අනුව නීති ගැටලුවක් පැන නැගී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගේ අදහස් ලබා ගන්නා බවත් එහි මතය පැමිණි විට තමන් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ක්‍රියා කරන බවයි.

Read more

Local News