පාකිස්තානයට ලකුණු 36ක ජයක්

Share

පාකිස්තානය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ලාහෝර්හී ගඩාෆි ක්‍රීඩාංගණයේ ඊයේ (29) පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් පාකිස්තානයට ලකුණු 36ක ජයක් හිමි විය.

මේ සමග තරග 3කින් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තානය කණ්ඩායමට හැකි විය.

කාසිය වාසිය ලබා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීම සදහා පාකි්ස්තාන කණ්ඩායමට අාරාධනා කළේය. ඒ අනුව පන්දු රැකීමට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගත්තේ ය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය රැස්කළේ ලකුණු 180කි. ඒ ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 144ක් පමණි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ මුල් ඕවර 3 තුළදී ලකුණු 21කට කඩුලු 3ක් අහිමිකරමින් දැඩි පීඩනයකට ඇද දැමීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

පන්දු 36කින් වේගවත් ලකුණු 54ක් රැස්කළ දසුන් ශානක ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණයේ බලාපොරොත්තුවක් ගෙන ආවද ෆහිම් අෂ්රෆ්ගේ පන්දුවක් හමුවේ 5වැනි කඩුල්ල ලෙස ඔහුගේ දැවී යෑමත් සමග එය බිඳ වැටිණි. පන්දු 31කින් සිය මංගල විස්සයි20 අර්ධ ශතකය රැස්කළ ශානකගේ ඉනිම හතරේ පහර 5කින් හා හයේ පහර 3කින් වර්ණවත් විය.

Read more

Local News