මහින්ද අයිතිවාසිකම් ගැන කියයි

Share

රට බෙදන නව ව්‍යවස්ථාවකට විරුද්ධ වීමට මෙරට ඕනෑම පුද්ගලයෙකුට අයිතිවාසිකමක් ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ආණමඩුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින්මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ,

“අපේ හිතවත් මිත්‍රයා පාලිත රංගේ බංඩාර කියනවා එජාපයේ හැරවුම් ලක්ෂය එයා කියලා හැබැයි රනිල් වික්‍රමසිංහට පෙන්නේ නැති ලක්ෂයත් එයයි, අනේ පව් රංගේ අපි අනුකම්පා කරනවා, අපි අපේ රජය කාලයේ දැවැන්ත සංවර්ධනයක් ඉටු කරමින් සිටියා අපේ එකම අරමුණ වුයේ සෑම නිවසකටම ජලය ලබා දිමයි .

ඒ සමඟ ගොවිතැනින් රට ස්වං පෝෂීත කරන්න අපි කටයුතු කරමින් සිටියදී තමයි රජය අපිට නැති වුණේ. අපි ණය ගත්තා කියලා අපිට චෝදනා කරනවා නමුත් අපි ගත්ත ණය වලින් කරපු දේවල් පෙනෙන්න තියනවා. ගුවන් තොටුපලවල් වරායන් ඇතුළු බොහෝ දේ අපි කළා.

නමුත් අපි ගත්ත ණයවලට වඩා වැඩි ප්‍රමානයක ණය ගත්ත මේ රජය කරපු දේවල් කෝ ?. අපි දවස් පනස් ගානක් බලයේ හිටිය ටික කාලේට තෙල් මිළ අඩු කළා .මෙයාලා මොකක්ද සුත්‍රයක් දාගෙන ඒ සුත්‍රය කාටවත් තේරුනේ නැහැ හැබැයි මම තුන් පාරක් මිල අඩු කළා. තවත් තෙල් මිළ අඩු කරන්න පුළුවන්.“ බවයි.

Read more

Local News