ජනාධිපති කාර්යාලය, භාරතී එයාර් ටෙල් ලංකා සමාගම, IDM ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒකාබද්ධව දැයේ දූදරුවන්ගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් ”මතුපරපුරය” නමින් විශේෂ වැඩසටහනක් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවීමට නියමිතය.
දිවයිනේ දුෂ්කර ප්‍රදේශ සදහා ප්‍රමුඛතාවය ලබා දෙමින් පරිපාලන දිස්ත්‍රීක්ක 25 පුරාම ක්‍රියාත්මක කිරිමට නියමිත මෙම වැඩසටහනේ පළමු අදියර මගින් 09 ශ්‍රේණියෙන් පහල දූූදරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම ඔප් නැංවීම අරමුණු කොට මාස 6ක් පුරා ක්‍රියාත්මක පාඨමාලාවක් සදහා ශිෂ්‍යත්ව 1000 ක් ලබාදීමට නියමිතය.
මෙම පාඨමාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ IDM ආයතනය මගින් සිදු කිරීමට නියමිතය. ශිෂ්‍යත්ව 1000 ක් ලබා දීමේ පළමු අදියර අවසන් වීමෙන් අනතුරුව මෙම වැඩසටහනේ දෙවන සහ තුන්වන අදියරයන් හිදී මෙම ශිෂ්‍යත්ව ප්‍රමාණය තවදුරටත් පුථල් කිරීමට අපේක්ෂා කෙරේ.