පළාත් 3කට නව ආණ්ඩුකාරවරු පත් කරයි

Share

මිට සුළු මොහොතකට පෙර නව ආණ්ඩුකාරවරුන් තිදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබු අතර ඒ අනුව ඌව, සබරගමුව සහ උතුරු පළාත වෙනුවෙන් මෙම නව පත් කිරීම් සිදු කර තිබේ.

නව ආණ්ඩුකාරවරුන් ලෙස ඌව පළාත සඳහා කිර්ති තෙන්නකෝන්, සබරගමුව පළාත සඳහා ජේෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක සහ උතුරු පළාත සඳහා ආචාර්ය සුරේන් රාගවන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිය.

ජනාධිපතිවරයාගේ දැනුම් දීම මත මිට පෙර සියලුම ආණ්ඩුකාරවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වූ අතර ඉකුත් සිකුරාදා ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුකාරවරුන් පස් දෙනෙකු පත් කරනු ලැබිය.

Read more

Local News