සියලුම පැණිබීම වර්ගවලට වර්ණ සංකේත ක්‍රමයක්

Share

2017 හෙදියන් 1400 කට ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී පැවැති අතර එහිදී  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ,

ඉදිරියේ දී පැණි බීම වර්ගවල සීනී ග්‍රෑම් 6ට වඩා අඩංගු වුවහොත් සෑම ග්‍රෑමයකටම රුපියලක බද්දක් අය කරන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ද හිමිව තිබෙන බවත් ය.

ජනතාව සීනි පරිභෝජනයෙන් අවම කර ගැනීම සඳහා සියලුම පැණිබීම වර්ගවලට වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දී තිබෙන බවත් බෝනොවන රෝගවලින් රෝහල්වල පුද්ගයින් 70%ක් මිය යන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

උපාධිධාරීන් 2000 ක් පුහුණු කළ හැකි හෙද පීඨය ජයවර්ධනපුර රෝහල් භුමියේ ඉදිකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා දලදේශීය නිෂ්පාදනයෙන් සෞඛ්‍ය සේවාවට හා අධ්‍යාපනයට විශාල මුදලක් වැය කරන අතර 2016 වසරේ දී සෞඛ්‍ය සේවාවට පමණක් රුපියල් බිලියන 235 ක මුදලක් වෙන් කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

Read more

Local News