සුරක්ෂා ප්‍රතිලාභ වැඩි කිරීමට පියවර

Share

සුරක්ෂා සිසු රක්ෂණාවරණය ලබා දීමේදී 2017/18 වර්ෂයට සාපේක්ෂව ප්‍රතිලාභ මුදල මෙන්ම ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථා ද වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

දෙමාපියන්ට බරක් නොවී අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පසුබිම මෙරට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබාදීමේ අරමුණින් පාසල් සිසුන් ලක්ෂ 45 ක් වෙත සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වා දෙනු ලැබීය.

2017 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය මගින් පළමු වරට “දැයේ දරුවන් සදා සුරකින” තේමාව යටතේ  “සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සිදු කෙරුණි.

ඒ අනුව පාසල් දරුවන් වෙත පෙළ පොත්, නිල ඇඳුම් සහ උදෑසන ආහාර නොමිලේ ලබා දීම ඇතුළු ප්‍රගතිශීලී පියවර රාශිය අතරට සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම ද ඇතුළත්විය.

රෝග, අනතුරු හා ආබාධ තත්ත්වවල දී සිසුන් ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා යොමු කිරීම මගින් පාසල් පැමිණීම ඉහළ  නැංවීම, වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සඳහා  සිසුන් යොමු කිරීම, ආබාධ තත්ත්වවල දී ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා සිසුන් යොමු කිරීමට සහාය වීම ද “සුරක්ෂා” සිසු රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම මගින් අරමුණු කර තිබේ.

ඒ අනුව සියලුම රජයේ පාසල්, ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්, පිරිවෙන්, උපකෘත පාසල්, සහ ජාත්‍යන්තර පාසල් ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල  ලියාපදිංචි වී පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සහ වි‍ශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර වයස් සීමාවේ පසු වන සියලු ම සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබයි.

පසුගිය වසරේ දී මෙම රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැලකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි  2018/19 වර්ෂය සදහා නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම අනුව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදනු ලැබීය.

ඒ අනුව 2017/18 වර්ෂයට සාපේක්ෂව ප්‍රතිලාභ මුදල මෙන්ම ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථා ද වැඩි කිරීමට පියවර ගත්තේය.

2017/18 වර්ෂයට සාපේක්ෂව 2018/19 වර්ෂයේ දී ලබාදෙන ප්‍රතිලාභවල වැඩිවීම පහතින් දැක්වෙයි.

Read more

Local News