පෙට් ස්කැනර් යන්ත්‍රය ලබන ජනවාරි මාසයේ දී ලබාදෙයි

Share

මහරගම අපේක්ෂා රෝහල සඳහා මහජන ආධාර මුදලින් ලබාදීමට සැළසුම් කර ඇති ජර්මනියේ නිෂ්පාදිත පෙට් ස්කැනර් යන්ත්‍රය ලබන ජනවාරි මාසයේ දී ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරන්න මහතා ප්‍රකාශ කළේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවති උත්සවයකට එක්වෙමින් ය.

මෙම පෙට් ස්කැනර් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා ධානපතීන් විසින් ආධාර එකතු කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇත. පෙට් ස්කැනර් යන්ත්‍රය ලබාගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියට වැඩි කාලයක් ගත වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස 09 -15 ත් අතර කාලයක් ගත වන බව ද සඳහන් කළේය.

පෙට් ස්කැනර් යන්ත්‍රය මගින් රෝගියෙකු එක්වරම පරීක්ෂා කළ හැකි අතර අවයව මෙන්ම රුධිර සංසරණය ද පරීක්ෂා කිරීමට හැකියාව තිබෙන බවත් ලෝකයේ වෙනත් රටවල සෞඛ්‍ය සේවා සඳහා රජයේ ආධාර මෙන්ම පෞද්ගලික අංශයේ ආධාර ද රෝහල්වලට ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Read more

Local News