ඔස්ට්‍රේලියානු අගමැති නොවැම්බර් 2 ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ලබන නොවැම්බර් 02 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම නියමිත බවයි.

අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරෙන මොහොතේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ලැබීම තමන්ට සතුටට කරුණක් බවද මැල්කම් ටර්න්බුල් පවසා තිබේ.

Previous articleබෞද්ධ ජනතාවට ප්‍රධාන තැන ලබාදීම අපට ප්‍රශ්නයක් නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්
Next articleවිදේශ විනිමය අනුපාතිකය