එළඹෙන මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.
මීට අදාළව ඉදිරි මාස 03ක කාලය තුළ, ජනතාව, පාසල් දරුවන් දැනුවත් කරන ලෙසට පළාත් හා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට අද (16) උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ජේ.කේ. ජයසිංහ මහතා පැවසීය.