ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් ශ්‍රී ලංකාවට

Share

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් රුවල් නෞකාවක් වන ‘බිම සුකී’ ඊයේ (30) සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ළඟා වී ඇත. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව කොළඹ වරායේදී පිළිගනු ලැබීය.

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත.

නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන නොවැම්බර් මස 02 දා මෙම නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතයි.

Read more

Local News