පළාත් පාලන ඡන්ද ගැසට් පත්‍රයට අත්සන් තැබීම හෙට

පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා විසින් නව මැතිවරණ ක්‍රමය යටතේ ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන ගැසට් නිවේදනයට හෙට (01) පෙරවරු 11 ට එම අමාත්‍යාංශයේ දී අත්සන් කිරීමට නියමිතය.

ගැසට් නිවේදනයට අත්සන් තැබීමෙන් පසු පළාත් පාලන ඡන්ද විමසීම් පැවැත්වෙන අන්දම පිළිබඳ මාද්‍ය දැනුවත් කිරීමට ද ඇමැතිවරයා බලාපොරොත්තු වේ.