ඩීසල් සහ පෙට්‍රල් මිල අඩු කිරීමට තීරණයක්

ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරි දින කිහිපයේදී තෙල් මිල අඩු කිරීම සදහා තීරණයක් ගෙන අැතැයි වාර්තා වේ.

ඊයේ (31) ඛණිජ තෙල් අමාත්‍යාංශයේ දී තොග සමාලෝචන කමිටුව රැස් වී අැති අතර මේ බව ඒහිදී සාකච්ඡා වී තිබේ.

විශේෂයෙන් ම මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ලබා අැති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ඉදිරි මැතිවරණය සහ අයවැය ඉලක්ක කර මෙම තීරණය ගෙන අැති බව ද වාර්තා වේ.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන්ම ඩීසල් සහ පෙට්‍රල් මිල සැලකිය මට්ටමින් අඩු කිරීමට තීරණය කර අැත.