“Infotel 2017” ප්‍රදර්ශනය අගමැති ප්‍රධානත්වයෙන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් “Infotel 2017” ප්‍රදර්ශනයට පූර්වගාමීව පැවැත්වෙන නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අද (01) දින කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.
මෙම උත්සවයට ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරේන්ද්‍ර ප්‍රනාන්දු, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සහ  Infotel සභාපති කිත්සිරි මංචනායක යන මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වූහ.
එහිදී අග්‍රාමාත්‍යතුමා අතින් “92 කණ්ඩායම” වෙනුවෙන් තිළිණ ප්‍රදානය කරන ලදී.
Previous articleරාජ්‍ය ‍ඔෟෂධ නීතිගත සංස්ථාවේ සියලුම ඔසුසල් වලින් නොමිලේ ඔෟෂධ
Next articleඇමැති ෆයිසර් මුස්තාපා පළාත් පාලන සංශෝධන පනත් ගැසට් පත්‍රයට අත්සන් තබයි