ඉන්දියාවේ ගල් අගුරු බලාගාරයක පිපිරීමක්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගල් අගුරු බලාගාරයක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව, තවත් 100කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

ඉන්දිය රජයට අයත් ජාතික ගල් අගුරු සංස්ථා බලාගාරය තුළ මෙම පිපිරීම සිදු වී අැති අතර සිද්ධියෙන් පසුව පුද්ගලයන් 80ක් පමණ ඒ් සමාගමේම රෝහල වෙත යවා අැත.

මෙම පිපිරීමට පෙර වෙනදා නෑසෙන ශබ්දයක් බලාගාරයෙන් පිටවු බවත්, ගෑස් කාන්දුවක් හා හුමාලයක් වේගයෙන් ගමන් කරන අාකාරයේ හඩක් නැගුණු බව බලධාරීන් පවසති.

බලාගාරයේ සිදුවු මෙම පිපිරීම සම්බන්ධයෙන් පාලන අධිකාරිය පරීක්ෂණ අරඹා අැත.