“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” හෙටයි

Share

සුනාමි ආපදාවක දී ජනතාවගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් හෙට (5) යෙදෙන ‘ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය’ නිමිති කොටගෙන දියත් කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇත. ඒ පිළිබඳ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පසුගිය දා පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙසේ කරුණු කීවේය.

හෙට (5) ඉරිදා අපි සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහනක් දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා යාපනය, මුලතිවු, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල, කොළඹ, ගම්පහ, පුත්තලම සහ මන්නාරම යන දිවයින පුරා සුනාමි අවදානම තිබෙන දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි. එය සියලුම දිස්ත්‍රික්කවල දී එකම වේලාවක් ලෙස ගෙන පස්වරු 02.05ට සිදු කිරීමට බලාපොරොත්තුව’ යැයි කීවේය.

සුනාමියකින් සිදුවන ආපදා තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයේ දී සුනාමි ආපදා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වර්ෂයකම නොවැම්බර් 05 වැනිදා ‘ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය’ වශයෙන් නම් කරනු ලැබ ඇත.

Read more

Local News