ලෝක බෞද්ධ සමුළුවට පැමිණි නියෝජිත පිරිස සහ ජනපති අතර හමුවක්

“ලෝක සාමය උදෙසා බුදු දහම” යන තේමාව යටතේ සමුළුව පසුගිය 02 වැනි දා කොළඹදී ආරම්භ කෙරුණු ලෝක බෞද්ධ මහා සම්මේලනයේ, හත්වැනි බෞද්ධ සමුථවට සහභාගීවීම සදහා දිවයිනට පැමිණි නියෝජිත පිරිස සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයෙන් මෙවර මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී ලබන 07 වනදා දක්වා පැවැත්වෙන අතර, සාමාජික රටවල් 47 ක ප්‍රධාන සංඝනායක හිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටිති. ජනාධිපතිතුමා එම නියෝජිත පිරිස සමඟ සුහද කථා බහක නිරත විය.

 

 

Previous articleසුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබාදීම අැරඹේ
Next articleට්‍රක් රථයක් මතට ට්‍රාන්ස්ෆෝමරයක් වැටී 03ක් මරුට