ශ්‍රී ලංකා – චීන අතර ආර්ථික සබඳතාවයට වසර 65ක් – තානාපති සබඳතාවයට වසර 60ක්

Share

විදේශ කටයුතු අමාත්‍ය තිලත් මාරපන මහතා චින විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යිගේ මහතාගේ ආරාධනයකට අනුව පසුගිය 30 වැනි දා සිට ඊයේ (03) දක්වා චීනයේ බීජින් නුවර නිල සංචාරයකට එක්ව සිටියේය.

ශ්‍රී ලංකා – චීන අතර ආර්ථික සබඳතාවයට වසර 65ක් සහ තානාපති සබඳතාවයට වසර 60ක්  සැමරීමේ වාර්ෂික උත්සවයට සහභාගිවීම අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ අරමුණ වේ.

 

1952 දී “රබර්-සහල් ගිවිසුම” දෙරටේ සබඳතා වර්ධනයේ සන්ධිස්ථානයක් වූ බවත් අතීතයේ සිට දෙරට අතර පවත්නා දිගුකාලීනව දෙරටේ සමීප මිත්‍ර‍ත්ව සබඳතා ගොඩනැඟීම , සහයෝගිතාව, අන්‍යෝන්‍ය විශ්වාසය හා අවබෝධය හා ඓතිහාසික, ආර්ථික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් පදනමක් මත ගොඩ නගා ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කළේය.

 

Read more

Local News