මහින්ද ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි

Share

ගොවියාගෙන් වී මිලදී ගැනිමේදි එම මිල රුපියල් 50ක් බවට පත්කරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

ස්ථාවර නියෝග 27/2 යටතේ ඔහු පාර්ලිමේන්තුවට ප්‍රශ්ණයක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළේය.

එසේම ඔක්තෝබර් මාසයේදී තම ආණ්ඩුව බලයට පත්වූ කෙටි කාලයක් තුළ ලබාදුන් පොහොර සහනාධාරය හේතුවෙන් මෙවර කන්න 7කට පසුව මහ කන්නයේදි සාර්ථක අස්වැන්නක් ලැබීමට නියමිත බවද ඔහු පැවැසීය.

ඒ අනුව කුඹුරු ඉඩම් හෙක්ටයාර 7ක වී වගා කර ඇති බවත් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.3ක් බවද ඔහු පැවැසීය.

එසේම පොහොර සහනාධාරය අහිමි නොකිරිමට කටයුතු කරන ලෙසත් විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.

Read more

Local News