නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ගුරුවරුන් රෝහල්වලට

රෝහල් ගත වී දිගු කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමෙන් වළක්වාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහරගම අපේක්ෂා රෝහල ද ඇතුලු ව විශේෂිත රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු දරුවන්ට අදාළ විෂය කොටස් ඉගැන්වීමේ කටයුතු වෙනුවෙන් වසරක සේවා කාලයකට ගුරුවරුන් එම රෝහල්වලට අනුයුක්ත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ අනුව වසරක කාලයක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව සිටි විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරී නවක ගුරුවරුන් 05 දෙනා ගේ වසරක සේවා කාලය අවසන් වීමත් සමග ඉදිරි වසරක කාලයක් සඳහා නවක ගුරුවරුන් 05 දෙනෙකු එම රෝහලට අනුයුක්ත කිරීම පසුගියදා සිදු කෙරුණි.
Previous articleඉන්ධන මෙට්‍රික් ටොන් 2800 ක් අද දිනයේ වෙළෙඳපොළට
Next articleසාධනීය වෙනසක් අධිකරණ පද්ධතියට – අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය