අගමැති ප්‍රධානත්වයෙන් නගර ජාල සංවර්ධන ව්‍යාපෘති සම්මේලනය අද

නගර ජාල සංවර්ධන ව්‍යාපෘති සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) දින කොළඹ, හිල්ටන් හෝටලයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට කථානායක කරූ ජයසූරිය, නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය, නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ, අග්‍රාමාත්‍ය නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි සහ අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක රෝසි සේනානායක, Citynet Colombo Congress හි සභාපති Park won Soon, බස්නාහිර හිටපු ප්‍රධාන අමාත්‍ය කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර යන මහත්ම මහත්මීන් ඇතුලු දෙස් විදෙස් ආරාධිතයන් රැසක් සහභාගි වූහ.