මෙවර අයවැය ගැන දිනේෂ් කියයි

Share

පසුගිය වසරවල රජය ඉදිරිපත් කළ අයවැය ලේඛන මෙන්ම මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද (04) මහනුවරට පැමිණ අස්ගිරි මහා නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියක් බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මහජන එක්සත් පෙරමුණේ 22 වන සම්මේලනයේදී සම්මත කර ගන්නා ලද අනාගතය සඳහා අලුත් ආණ්ඩුවක් අලුත් වැඩපිළිවෙළක් ගොඩනැගීමේ උත්සායහ පිළිබදව වූ වැඩපිළිවෙල මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වීම සඳහා පක්ෂ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද දින අස්ගිරි මල්වතු මෙන්ම රාමඤ්ඤ මහ නාහිමිවරුන් බැහැ දැකීම සඳහා පැමිණ සිටියේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා ,

(“මේ රජය ඉදිරිපත් කරන පළමු වන අයවැය නෙවෙයි මේක.මේ රජය බලයට පත් වී වසර හතරක් ගත වෙනවා.

මේ වසර හතර පුරා රටේ දියුණුවට වැඩ කිරීමට ඔවුන්ට තිබුණු අවස්ථාව උපයෝගි කර ගෙන ජනතාවගේ ගැටළු විසඳන්න අපොහොසත් වුන අයවැය ලේඛණ දිගටම ඉදිරිපත් කළා.

ඒවාත්එ හොඳ ගණන් හිළව් හොඳ ප්‍රකාශ සුන්දර කතාවලින් පිරිලා තිබුණා. ඒ පොරොන්දු දූවිලි බවට පත්වුණ බව  කණගාටුවෙන් වුවත් කියන්න සිද්ධ වුණා ජනතාවට සත්‍ය කීම සඳහා.

එවැනිම සුන්දර කතා මිශ්‍ර කරපු අන්තරාදායක තත්වයක සිටින රටේ මේ අයම පත්කළ ණයගැති බවින් ගොඩ එන්න ණය ගන්න ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා.

එදිනෙදා ජීවත් වන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා.

එවැනි රජයකින් අයවැයක් බලාපොරොත්තු වෙන්න බෑ සුන්දර කතා මිශ්‍ර නොකරන. මුළු රටම නොමග යන්න බෑ. දිනපතා රුපියල වැටෙනවා.

ණය ඉල්ලන් මිනිස්සු එනවා ණය ගෙවන්න වෙලා තියෙනවා.  ජීවන වියදම වැඩි වෙලා තියෙනවා.ව්‍යාපාර වසා දානවා.

ගොවිතැන් කරන ජනතාවට තමන්ගේ අස්වනු නිසි මිළකට විකුණ ගන්න බෑ. වී ටික විකුණගන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා. හෙට ඉදිරිපත් කරන අයවැයත් එවැනි මිරිඟුවක් පමණයි.”) යැයි පැවසීය.

පසුව දිනේෂ ගුණවර්ධන මහතා , මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ  ශ්‍රී විජිතසිරි නා හිමියන් සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහ නිහිමයන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

Read more

Local News