අද රෑ 12ට සිගරැට් හා මත්පැන්වලට වෙන්න යන දේ

Share

අද(05) මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි සඳහා සඳහා වු නිෂ්පාදන බද්ද ඉහළ නංවා ඇත.

ඒ අනුව මිමි 60 කට වැඩි සිගරට් නිෂ්පාදන බද්ද සියයට 12 කින් ඉහළ නංවන අතර ඒ හේතුවෙන් සිගරට්ටුවක මිළ දළ වශයෙන් රුපියල් 5 කින් වැඩි වෙයි.

සිගරට් නිෂ්පාදනය සඳහා ජාතික ගොඩනැගිමේ බද්ද පනවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර 2019 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.

එමෙන්ම ගල් අරක්කු හැර අනෙකුත් සියලුම මත් පැන් මිලී ලීටර් 750ක බෝතලයක මිලද අද මධ්‍යම රාත්‍රී සිට ඉහළ දමා ඇත.

Read more

Local News